හෙරොයින් සමඟ 1ක් අල්ලයි

හෙරොයින් සමඟ 1ක් අල්ලයි

May 22, 2017   11:56 am



වැල්ලම්පිටිය, කජුවත්ත ප්‍රදේශයේදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් දුෂණ මර්දන අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදි සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

එහිදී සැකකරු සතුව තිබූ හෙරොයින් ග්‍රැම් 04 යි මිලිග්‍රැම් 100ක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

සැකකරු ගොතටුව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු අද(22) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බස්නාහිර පළාත් දුෂණ මර්දන අංශය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.