දොස්තර වර්ජනයෙන් රෝගීන්ට පීඩා

දොස්තර වර්ජනයෙන් රෝගීන්ට පීඩා

May 22, 2017   11:54 am



රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කර ඇති වර්ජනය හේතුවෙන් රෝගී සත්කාරක කටයුතුවලට බාධා එල්ල වී ඇති බව වාර්තා වෙයි.

 ඉල්ලීම් 04ක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන 08.00 එක්දික සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළේය.

 මේ වන විට මෙම වර්ජනය දිවයිනේ රෝහල් රැසක ක්‍රියාත්මක වෙයි.

ඒ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් බොහෝ ප්‍රතිකාර නොලබා යළි නිවෙස් වෙත යන ආකාරය දක්නට ලැබූ බව අද දෙරණ වාර්තාකරුවන් සඳහන් කළේය.