සෞදියේ රඳවාගෙන සිටින කත ගැන සොයන්න ඇමති ඉදිරිපත්වෙයි

සෞදියේ රඳවාගෙන සිටින කත ගැන සොයන්න ඇමති ඉදිරිපත්වෙයි

May 22, 2017   11:45 am


සෞදි අරාබියේ  බලහත්කාරයෙන් කාන්තාවක රඳවාගෙන සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙස විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය සෞදි අරාබියේ තානාපතිවරයා වෙත උපදෙස් ලබාදී තිබේ.

අදාළ සිද්ධියේ සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස තානාපතිවරයා වෙත උපදෙස් ලබා දුන් බව විදේශ රැකියා අමාත්‍යංශය සඳහන් කළේය.

 ගෘහ සේවය සඳහා පිටත්ව ගිය දඹුල්ල කන්ඩලම ප්‍රදේශයේ 36 හැවිරිදි තිදරු මවක් සෞදි අරාබියේ නිවස බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවට ඊයේ වාර්තා පළ වුණි.

වකුගඩුවක් ලබාගැනීමේ අරමුණින් ඇය අදාළ නිවසේ බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බව සඳහන්ය.