මිරිහානේ ගින්න මැඩපවත්වයි

මිරිහානේ ගින්න මැඩපවත්වයි

May 22, 2017   11:41 am



මිරිහාන, විජේරාම ප්‍රදේශයේ වෙළෙඳසැලක හට ගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන් මැඩපවත්වා තිබේ.

පොලීසිය පැවසුවේ අළුයම 04.30ට පමණ විජේරාම ප්‍රදේශයේ පිහිටි කුෂන් භාණ්ඩ අලෙවි සැලක මෙම ගින්න හටගෙන ඇති බවයි.

ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන්, ප්‍රදේශවාසීන් සහ පොලීසිය  එක්ව ගින්න මැඩපවත්වා තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට පොලීසිය සැකපළ කරයි.

ගින්නෙන් ජිවිත හානි  කිසිවක් සිදුව නොමැති අතර මිරිහාන පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.