නැවුම් බලාපොරොත්තුවකින් ඉදිරියට යන්න කැබිනට්  සංශෝධන අවශ්‍යයි

නැවුම් බලාපොරොත්තුවකින් ඉදිරියට යන්න කැබිනට් සංශෝධන අවශ්‍යයි

May 22, 2017   11:39 am


නැවුම් බලාපොරොත්තුවකින් යුතුව රටක් ලෙස ඉදිරියට යාමට කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ අනුව රටේ අභිවෘද්ධිය සඳහා කැපවන ලෙස නව අමාත්‍යංශ භාරගත් සියලු අමාත්‍යවරුන්ගෙන් තමා ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

නව කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යංශ 09ක් සහ එක් රාජ්‍ය අමාත්‍යංශයක් සඳහා නව අමාත්‍යවරු අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දුන් අතර එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබේ.

 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පවසා සිටියේ මිත්‍රශීලිව සහ කැපවීමෙන් කටයුතු කරමින් රටේ අභිවෘද්ධිය සඳහා වූ සාහමූහික වගකීම ඉටු කිරීමට එක්වන ලෙසයි.

සමාජය සහ රට වෙසන් කළ හැක්කේ මිනිසාගේ යහපත් වෙසන්වීම තුළින් බව ද ජනාධිපතිවරයා නව අමාත්‍යවරුන් හමුවේ ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.