අනතුරින් 1ක් එලොව යයි
May 22, 2017 10:42 am
පානදුර, පෞද්ගලික බස් නැවතුම්පල අසලදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
වැන් රථයක් මාර්ගය හරහා ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.
අනතුරින් බරපතල තුවාල ලැබූ අදාළ පුද්ගලයා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ පානදුර, වලපල ප්රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි පුද්ගලයෙකි.