මුස්ලිම් අන්තවාදයට එරෙහිව ගෙන යන සටනට නායකත්වය ලබාදෙන්න
සයුරෙන් එතෙර

මුස්ලිම් අන්තවාදයට එරෙහිව ගෙන යන සටනට නායකත්වය ලබාදෙන්න

May 22, 2017   08:40 am


මුස්ලිම් අන්තවාදයට එරෙහිව ගෙන යන සටනට නායකත්වය ලබා දෙන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුස්ලිම් රාජ්‍යයන්ගෙන් ඉල්ලීමකක් කරයි.

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සිය ප්‍රථම විදෙස් සංචාරය ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ දිනවල සෞදි අරාබියේ සංචාරයක නිරත වේ.

මෙම සංචාරය අතරතුර අමෙරිකානු ජනාධිපතිවරයා කලාපීය සමුළුවකට එක්ව ඇති අතර එහිදී මෙම අදහස් පළ කර ඇති බව විදෙස් මාධ්‍ය  වාර්තා කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉරානයේ ක්‍රියාපිළිවෙත කලාපය අස්ථාවර විමට හේතුවි ඇති බවය.