වෛද්‍යවරු අද වැඩ වරති

වෛද්‍යවරු අද වැඩ වරති

May 22, 2017   08:30 am



රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(22)  උදෑසන 08.00 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

ප්‍රධාන ඉල්ලීම් 04ක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වර්ජනය ක්‍රියාත්මක කරනු ලබයි.

කෙසේ වෙතත් අද පෙරවරු 08.00 සිට හෙට (23) පෙරවරු 08.00 දක්වා වර්ජනය ක්‍රියාත්මක වන අතර මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල්, ත්‍රිවිධ හමුදා රෝහල් හා වකුගඩු ප්‍රතිකාර ඒකකවල වර්ජනය ක්‍රියාත්මක නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින් ද හේරත් මහතා කියා සිටියේය.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරන වෛද්‍යවරුන් අද දිනයේ පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාරවලින් ද වැලකී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින් ද හේරත් මහතා සඳහන් කළේය.