අද කැබිනට් සංශෝධනයක්?
May 22, 2017 08:21 am
අද උදෑසන 08.30ට කැබිනට් අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ දැනුම්දීම සිදු කර ඇති බව වාර්තා වෙයි.
කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ දැඩි කතාබහක් මතුව තිබූ අතර පසුගිය සිකුරාදා දිනයේ කැබිනට් සංශෝධනයක් සිදු කිරීම සඳහා සියලු පාර්ශව කැඳවා තිබුණ ද ඇති වූ මතුභේද තත්ත්වයක් හමුවේ එය අද දිනය දක්වා කල්ගියේය.