කැබිනට් සංශෝධනයේදී අමාත්‍යධූර කිහිපයක වෙනසක්
May 22, 2017 08:18 am
අද දිනයේ කැබිනට් සංශෝධනය අනිවාර්යෙන්ම සිදු වන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී කැඳවා තිබුණි.
මීට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සියලු මැතිඇමතිවරුන් සහභාගී වූ බව වාර්තා වෙයි.
රාත්‍රී 09.00ට පමණ ආරම්භ වූ මෙම සාකච්ඡාව පැය දෙකකට අධික කාලයක් පැවැති බව සඳහන්ය.
මෙහිදී අද (22) දිනයේ සිදු කිරීමට නියමිත කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා වූ බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.
කැබිනට් සංශෝධනයේදී අමාත්‍යධූර කිහිපයක වෙනසක් සිදු වනු ඇති බව ද ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කර සිටියේය.