විජේරාමේ වෙළෙඳසැලක ගින්නක්

විජේරාමේ වෙළෙඳසැලක ගින්නක්

May 22, 2017   08:14 am



මිරිහාන, විජේරාම ප්‍රදේශයේ වෙළෙඳසැලක හදිසි ගින්නක් හට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ අළුයම 04.30ට පමණ කුෂන් භාණ්ඩ අලෙවි සැලක මෙම ගින්න හටගෙන ඇති බවයි.

ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන්, ප්‍රදේශවාසීන් සහ පොලීසිය  එක්ව ගින්න මැඩපවත්වා තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට පොලීසිය සැකපළ කරයි.

ගින්නෙන් ජීවිත හානි  කිසිවක් සිදුව නොමැති අතර මිරිහාන පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.