පිළියන්දල වෙඩිතැබීම - සහය දුන් තවත් තිදෙනෙක් දැලේ
May 22, 2017 06:53 am
පිළියන්දල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා සහභාගිවූ පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩිතබා පොලිස් නිලධාරියෙකු හා කුඩා දැරියක ඝාතනය කිරීමත්, තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට හා සිවිල් පුද්ගලයින්ට තුවාල සිදුකිරීමත් කළ බව කියන සැකකරු හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.
මෙම සැකකරුට අදාළ අපරාධ සිදුකිරීම සඳහා ආධාර අනුබලදීම, සාක්ෂි අතුරුදහන් කිරීම, අසත්‍ය තොරතුරු සැපයීම, හා සැකකරුට රැකවරණ සැපයීම සම්බන්ධයෙන් කාන්තාවක හා පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (21) දිනයේදී අහංගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය 44 වියේ පසුවන බවත්, සැකකරුවන් 22 වන වියේ පසුවන බවත්, ඔවුන් අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලීසිය පවසයි.
මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් තිදෙනා අද (22) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.