අයිස් මත්ද්‍රව්‍ය  ආනයනය කරන ප්‍රධාන ජාවාරම්කරු සොයා මෙහෙයුම්

අයිස් මත්ද්‍රව්‍ය ආනයනය කරන ප්‍රධාන ජාවාරම්කරු සොයා මෙහෙයුම්

May 21, 2017   10:51 am




ක්‍රිස්ටල් මෙත් හෙවත් අයිස් නමැති මත්ද්‍රව්‍ය මෙරටට ආනයනය කරන ජාවාරමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.

 ලොව ප්‍රබලතම මත්ද්‍රව්‍ය ලෙස සැලකෙන මෙම අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් වත්තල ඇලකන්ද ප්‍රදේශයේ දී පෙරේදා රාත්‍රී සිදුකළ වැටලීමකදී සොයා ගනු ලැබීය.


 කාන්තාවන් දෙදෙනෙකු සතුව තිබී සොයාගත් මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 20කට අධික බව වාර්තා වේ.

 අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනාගෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය ඉන්දියාවේ චෙන්නායිහි සිට මෙරටට රැගෙන විත් ඇති බවය.

 රෙදිපිළි වෙළෙදාම්  සිදුකරන මුවාවෙන් කාලයක සිට රහසිගතව මෙම ජාවාරම සිදුව ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.


කාන්තාවන් විසින් මෙම මත්ද්‍රව්‍ය ශරීර අභ්‍යන්තරයේ සඟවාගෙන මෙරටට රැගෙන ආ බවට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තාවේ.