ඡන්ද නාමලේඛන ප්රතිශෝධන කටයුතු සඳහා සහය දක්වන්න
May 21, 2017 09:11 am
ඡන්ද නාමලේඛන ප්රතිශෝධන කටයුතු සිදුකිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට සහ ග්‍රාම නිලධාරීවරුන්ට අවශ්‍ය සහය ලබාදෙන ලෙස පැෆරල් සංවිධානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
බී.සී ආකෘති පත්‍ර මේ වනවිට ගෙයින් ගෙට බෙදීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින අතර එම ආකෘති පත්‍ර නිවැරදිව පුරවා ග්‍රාම නිලධාරීවරුන්ට බාරදෙන ලෙස එම සංවිධානය පවසයි
මේ අතර තොරතුරු දැනගැනීමේ පනත යටතේ පැෆරල් සංවිධානය, ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් තොරතුරු, ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇති බව ද විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.