නීති විරෝධීව ආනයනය කළ‍ පළිබෝධනාශක තොගයක් අල්ලයි

නීති විරෝධීව ආනයනය කළ‍ පළිබෝධනාශක තොගයක් අල්ලයි

May 21, 2017   09:05 am


දිඹුලපතන, කොටගල නගරයේ දී නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ‍ පළිබෝධනාශක තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 දිඹුලපතන පොලීසියට ලද තොරතුරක් මත ලොරි රථයක් නවතා පරීක්ෂා කිරීමේ දී අදාළ පළිබෝධනාශක තොගය සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

පළිබෝධනාශක ලීටර් දෙක බැගින් වු ඇසුරුම් 144ක් බලපත්‍ර නොමැතිව ප්‍රමිතියකින් තොරව නිෂ්පාදනය කරන ලද පළිබෝධනාශක ලීටර් දෙක බැඟින් වු ඇසුරුම් 13ක් මෙන්ම පළිබෝධනාශක සකස් කිරීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය තොගයක් ද එහිදී සොයාගෙන තිබේ. 

අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටගල ප්‍රදේශයේ පදිංචි 42  හැවිරිදි අයෙක් වන අතර ඔහු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් දිඹුලපතන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.