වැල්ලවත්ත සිදුවීම-ගොඩනැඟිල්ලේ හිමිකරු අත්අඩංගුවට
May 21, 2017 07:55 am
වැල්ලවත්තේ කඩා වැටුණු ගොඩනැගිල්ලේ හිමිකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඔහු වැල්ලවත්ත පොලීසියට බාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ වැල්ලවත්ත ප්රදේශය් ඉදිකෙරෙමින් පැවති අදාළ ගොඩනැගිල්ල කඩා වැටුණු අතර එහිදී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලැබීය.
අදාළ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා නිසි අනුමැතියක් ද ලබාගෙන නොමැති බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව එම ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර ඔහු අද දින ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
වැල්ලවත්ත පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.