දෙරණ ස්ටාර් සිටි කිරුළ රෝයල් ෆයිටර්ස් කණ්ඩායමටයි

දෙරණ ස්ටාර් සිටි කිරුළ රෝයල් ෆයිටර්ස් කණ්ඩායමටයි

May 21, 2017   01:31 am



දෙරණ ස්ටාර් සිටි රියලිටි වැඩසටහනේ දෙවන අදියරේ කිරුළ හිමිකර ගැනීමට රෝයල් ෆයිටර්ස් කණ්ඩායම සමත්ව තිබේ.

මෙවර ස්ටාර් සිටි අවසන් මහා තරගය ඊයේ(20) රාත්‍රියේ අති උත්කර්ෂවත් අයුරින් මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.

ස්ටාර් සිටි අවසන් මහ තරගය නැරඹීම සඳහා රංගන ශිල්පීන් ගායක ගායිකාවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි අතර එම වැඩසටහන ඊයේ රාත්‍රී සජීවීව ටී.වී.දෙරණ ඔස්සේ විකාශය කෙරුණි.

මෙවර ස්ටාර් සිටි වැඩසටහන සඳහා කණ්ඩායම් පහක් තරග වැදුණු අතර අවසන් මහා තරගය සඳහා තරග වැදුණේ රංජන් රාමනායක ප්‍රමුඛ ගෝල්ඩන් කින්ග් සහ ගීතා කුමාරසිංහ ප්‍රමුඛ රෝයල් ෆයිටර්ස් කණ්ඩායම් දෙකයි.

ගායන සහ රංගන කුසලතා දක්වමින් කණ්ඩායම් දෙකම ඊයේ රාත්‍රි කරට කර තරග වැදුණු අතර ප්‍රේක්ෂක මනාපයට අනුව ජයග්‍රාහී කණ්ඩායම තෝරාගනු ලැබීය.

ඒ අනුව වැඩිම එස්.එම්.එස්. මනාප හිමිකර ගනිමින් ගීතා කුමාරසිංහ ප්‍රමුඛ රෝයල් ෆයිටර්ස් කණ්ඩායම දෙරණ ස්ටාර් සිටි කිරුළ හිමිකර ගැනීමට සමත් වුණි.