සෑම ජන කොට්ඨාසයකටම පිළිගත හැකි ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතුයි

සෑම ජන කොට්ඨාසයකටම පිළිගත හැකි ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතුයි

May 19, 2017   09:19 pm




සෑම ජන කොට්ඨාසයකටම පිළිගත හැකි ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මේ වන විටත් නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට පියවරගනිමින් සිටින බව ඔහු පවසයි.

මන්නාරම, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගීවෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ රටවල් රැසක රාජ්‍ය නායකයින් සමඟ පැවැත්වූ සාකච්ඡා වලදී ඔවුන්ද  නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාව පෙන්වාදුන් බවයි.

 ජපාන අග්‍රාමාත්‍යවරයා මෙන්ම පසුගියදා මෙරටට පැමිණි  ඉන්දීය  අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද  තමා සමඟ මෙන්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා , විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.