සංහිඳියාව ඇති කරන්න කලාවෙන් දියහැකි දායකත්වය ඉහළයි

සංහිඳියාව ඇති කරන්න කලාවෙන් දියහැකි දායකත්වය ඉහළයි

May 19, 2017   05:00 pm



සංහිඳියා වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සඳහා කලාව තුළින් ලබාදිය හැකි දායකත්වය ඉතා ඉහළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පාසල් ළමුන්ගේ කලා රසාස්වාදය වැඩිදියුණු කිරීම තුළින් දැනුමෙන් මෙන්ම සාරධර්ම වලින් පිරි අනාගත පරපුරක් ගොඩනැගිය හැකි බවයි.

ජනාධිපතිවරයා සහ විද්වත් කලාකරුවන් අතර අද පෙරවරුවේ ජනාධිපති  කාර්යාලයේ පැවති හමුවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අදහස් පළ කර තිබේ.

කලාව, සංස්කෘතිය සහ සිනමාවේ ඉදිරි ගමන පිළිබඳව ඉදිරිපත්වන විද්වත් යෝජනා ක්‍රියාවට නැංවීම සඳහා අඛණ්ඩ වැඩපිළිවෙළක අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වාදුනි.

ඒ සඳහා ජනමාධ්‍ය සංස්කෘතික සහ අධ්‍යාපන යන අමාත්‍යංශ වල නියෝජිතයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් මගින් අදාළ වැඩපිළිවෙළ මෙහෙයවිය යුතු බවට මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී තිබුණි.