මහින්ද පැරදුනේ එස්.එම්. චන්ද්‍රසේන නිසා බව පේෂල කියයි
May 19, 2017 04:58 pm
මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධූරය නැති කළ එකම පුද්ගලයා එස්.එම්.චන්ද්‍රසේන මහතා බවත් තව දුරටත් ඔහුගේ බොරුවලට සවන් දීම තුළින් අතීතයේ උතුරු මැදින් ආරම්භ වු විරෝධය නැවත වරක් ඇති කිරීමෙන් ප්‍රතිවිපාක විඳීමට සිදු විය හැකි බවත් අද වන විට උතුරු මැදට කිසිවෙකුට අත තැබිය නොහැකි බව පසක් වී ඇති බවත් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල් ජයරත්න මහතා පවසයි.
නව උතුරු මැද පළාත් අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව ඔහු මේ බව කියා සිටියේ ය.
එමෙන්ම පළාත් සභා සියල්ලම එකවර ඡන්දය තැබිය යුතු යැයි යෝජනාවක් මේ වන විට ඉදිරිපත් වී ඇති අතර එසේ සිදු කිරීමට නම් මැතිවරණ පනත සංශෝධනයක් ගැන කතාකාවතක් නිර්මාණව වී ඇති බවත් එසේ සිදු වුවහොත් පළාත් සභාවල නිළ කාලය පිළිබඳ යම් වෙනසක් සිදු විය හැකි බවත් ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.