විරුවන් වෙනුවෙන් දානයක් දෙන්න ඇමති කෙනෙක් නෑ

විරුවන් වෙනුවෙන් දානයක් දෙන්න ඇමති කෙනෙක් නෑ

May 19, 2017   03:15 pm

“විරු සමරු දිනය“ වත්මන් ආණ්ඩුව විසින්  සමරු යන්නෙහි ඇති “ස“ අකුර කපා දමා එය පාවිච්චි කිරීම පිළිබඳවත් විශ්වවිද්‍යාල සිසුන් මර්දනය කිරීම පිළිබඳවත් දැඩි ශෝකයෙන් හා පිළිකුලෙන් යුතුව හෙළා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අද (19) උදෑසන අභයාරාමයේ පැවති ජාතික සම්පත් සුරැකිමේ මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුවට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. 

අද වන විට රණවිරුවන් දහස් ගණනක් ආබාධිත තත්ත්වයට පත්ව දුක් විඳිමින් සිටින බවත් ඔවුන් වෙනුවෙන් දානයක් හෝ දීමට කැබිනට් අමාත්‍යවරුන් කිසිවෙකුටත් මතක් නොවු නමුත් උතුරේ ජනතාවට තමන්ගේ මිය ගිය අය සැමරීමට ඉතා ඔනෑකමින් ඉඩ ප්‍රස්ථාව ලබා දුන් බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩි දුරටත් පැවසීය.

මේ අතර විශ්වවිද්‍යාල සිසුන් මර්දනය කිරීමට අතීතයේ වෛද්‍ය ශිෂ්‍යයන්ගේ හිසේ පොල් පරාල, ඇණ ගසන ලද නායකයන් වර්තමාන ආණ්ඩුව තුළ ඉන්නා බවත් අද නිදහස් අරගලයේ යෙදෙන සිසුන් මර්දනය කළ ආකාරය පිළිබඳ තමන්ගේ විරෝධය පළ කරන බවත් කියා සිටියේ ය.

කෙසේ වෙතත් මේ වන විට ආණ්ඩුව විසින් සිදු කරනු ලබන ත්‍රිකුණාමලය ඉන්දියානුකරණය කිරීමට ද තමා ඇතුළු ජාතික සම්පත් සුරැකිමේ මධ්‍යස්ථානයේ විරෝධය පළ කරන බවද අලහප්පෙරුම තව දුරටත් පැවසීය.