රාජ්‍ය සේවකයින්ට සුවිශේෂී කාර්යය භාරයක් පැවරෙනවා

රාජ්‍ය සේවකයින්ට සුවිශේෂී කාර්යය භාරයක් පැවරෙනවා

May 19, 2017   12:41 pm



වත්මන් රජය ආරක්ෂා කරගැනීම සඳහා සුවිශේෂී කාර්යය භාරයක් රාජ්‍ය සේවකයින් සතු වන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රාජ්‍ය සේවකයින්ට ඉටුකළ යුතු සියලු යුතුකම් රජය විසින් ඉටුකර ඇති බවයි.

රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව වජිර අබේවර්ධන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.