පස්වන මහලෙන් ඇද වැටී එලොව යයි

පස්වන මහලෙන් ඇද වැටී එලොව යයි

May 19, 2017   12:36 pm




කටුගස්තොට ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින මහල් 17කින් යුත් නිවාස සංකීර්ණයක පස් වන මහලෙන් ඇද වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි 21 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් තිබේ.

රාජාංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සිද්ධියෙන් මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.