සරසවි සිසුන් 8 ඇප මත නිදහස්

සරසවි සිසුන් 8 ඇප මත නිදහස්

May 19, 2017   12:28 pm



අධිකරණ නියෝග උල්ලංඝණය කරමින්  විරෝධතාවයේ නිරත වීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු විශ්ව විද්‍යාල සිසුන් අට දෙනා ඇප මත මුදාහැර තිබේ.

සිසුන් අට දෙනා රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර රණසිංහ මහතා  නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු කේ.එස්.උදය කුමාර් පැවසුවේය.

අධිකරණ නියෝග නොතකමින් විරෝධතාවයේ නිරත වීම සහ පොදු දේපලවලට අලාභහානී සිදුකිරීම යන චෝදනා යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර රණසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  ඔවුන් අද(19) දිනය දක්වා  රක්ෂිත බන්ධනාගාර ගත කළේය.