ඉරාන ජනාධිපතිවරණය අද
සයුරෙන් එතෙර

ඉරාන ජනාධිපතිවරණය අද

May 19, 2017   09:12 am

ඉරාන ජනාධිපතිවරණය අද (19) පැවැත් වීමට නියමිතයි.

මිලියන 54ක ඡන්ද දායකයින් පිරිසක් ඡන්ද මධ්‍යස්ථාන 63,000කදී පමණ ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් හය දෙනෙකු ඉදිරිපත්ව සිටින අතර වර්තමාන ජනාධිපති හසන් රව්හානි ද මැතිවරණයට ඉදිරිපත්ව සිටියි.

ඔහු සමඟ තරඟ කරන ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂකයා වන ඊබ්රලහීම් රහිසි ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිට සමීප ඇසුරක් පවතින අයෙකු බව වාර්තා වෙයි.

යම් අපේක්ෂකයෙකුට සියයට 50කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වුවහොත් ලබන සතියේ දී යළි ඡන්ද විමසීමක් සිදුකිරීමට නියමිතයි.

1985 වසරෙන් පසු ඉරානයේ සෑම ජනාධිපතිවරයෙකුම ධුර කාල දෙකක් සඳහා තේරීපත්ව ඇති බව වාර්තා වෙයි.