දරුවන්ට අවශ්‍ය ප්‍රතිකාර නිසි පරිදි සිදු කරනවා
May 18, 2017 01:29 pm
පිළියන්දල ප්‍රදේශයේ දී පසුගියදා සිදුවු වෙඩි තැබීමකින් තුවාල ලැබු දරුවන් දෙදෙනාට අවශ්‍ය ප්‍රතිකාර සිදුකිරීම සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් යොමුකර ඇති බව අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ එම දරුවන්ගේ පියාට රුපියල් ලක්ෂ 10ක චෙක්පත පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමිනි.