ව්‍යාජ රියදුරු බලපත්‍ර ජාවාරමෙහි තවත් අය නීතියට කොටු වෙයි
May 16, 2017 11:56 am
කොළඹ කොටුව ප්‍රදේශයේ සංවිධානාත්මකව සිදුකරන ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස්කරන ව්‍යාපාරයක් පිළිබඳව පසුගිය දා රටට හමුවේ අනාවරණය කළේය.
එහිදී උපාය දූතයෙකු මාර්ගයෙන් තැරැව්කරුවෙකු මුණ ගැසී ඔහුට රුපියල් 7500ක අත්තිකාරම් මුදලක්ද ලබා දීමට ද උකුස්සා කටයුතු කළේ මෙම ජාවාරමේ සියලු තතු අනාවරණය කරගැනීමේ අභිලාෂයෙනි.
මුදල් ලබා ගත් තැරැව්කරු දින දෙකකට පසුව කොළඹ කොටුව ප්‍රදේශයේ ස්ථානයකට පැමිණෙන ලෙස උකුස්සාට පවසන්නේ ව්‍යාජ රියදුරු බලපත්‍රය සකසා අවසන් බවත් එය ලබාගැනීමට පැමිණෙන ලෙසත් දැන් වුයේය.
කෙසේ වෙතත් අදාළ ස්ථානයට පැමිණෙන තැරැව්කරු රැගෙනවිත් තිබු උපායධූතයාගේ තොරතුරු ඇතුළත්ව සකස් කළ රියදුරු බලපත්‍රයක් නොවන බව උකුස්සාට තහවුරු විය.
පසුව ඔහු අප සමඟ තේ පානය කිරීමට අවශ්‍ය බව පවසමින් ඒ අසළ ඇති වෙළඳ සැලකට පැමිණියේ ය.
තැරැව්කරු ජාවාරම පිළිබඳ විස්තර පැවසීමත් සමඟ නාවික හමුදා බුද්ධි අංශය හා වලාන දූෂණ මර්දන ප්‍රහාර ඒකකයේ නිළධාරීන් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.
තැරැව්කරුගෙන් කළ ප්‍රශ්න කිරිම්වලදී හෙළි වූයේ කැළණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් මෙම ජාවාරම මෙහෙයවන බවයි.
ඒ අනුව උකුස්සා නාවික හමුදා බුද්ධි අංශය හා වලාන දූෂණ මර්දන ප්‍රහාර ඒකකයේ නිළධාරින් සමඟ කැළණිය ප්‍රදේශයට පැමිණියේ ය.
අප එහි යන විටත් ජාවාරම්කරු නිවසේ රැඳී සිටි අතර තැරැව්කරු අප උපාය ධුතයාට ලබා දී තිබුනේ එම ජාවාරම්කරුගේ ඡායා රූපය ඇතුළත් ව්‍යාජ ලෙස සැකසූ ගමන් බලපත්‍රයකි.
ඒ අනුව කළ ප්‍රශ්න කිරිම්වලදී ජවාරම පිළිබඳ තොරතුරු රැසක් අනාවරන වූ අතර ඔහුගේ නිවසේ තිබී ගමන් බලපත්‍රය සකස් කිරීම සඳහා විවිධ පුද්ගලයන්ගෙන් ලබා ගත් ඡායාරූප ඇතුළු ලිපි ගොනු රැසක් සොයා ගනු ලැබීය.
වැටලීම සිදුකළ අවස්ථාවේදීත් ජාවාරම්කරුගේ දුරකථනයට ව්‍යාජ ගමන් බලපත්‍ර සකස් කර ගැනීම සඳහා විවිධ පුද්ගලයින්ගෙන් ඇමතුම් ලැබීය.
කෙසේ වෙතත් ජාවාරම්කරු එහිදී හෙළි කර සිටියේ උකුස්සා මීට පෙර රටට හෙළිකළ මරදාන ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ ව්‍යාජ රියදුරු බලපත්‍ර සකසන ජාවාරම්කරුවන් පිරිස සමඟින්ම එක්ව ඔවුන් මෙම ජාවාරම ක්‍රියාත්මක කරන බවයි.
ප්‍රශ්න කිරිම්වලින් පසුව අත්අඩංගුවට ගත් ජාවාරම්කරුවන් දෙදෙනා කැළණිය පොලීසයට බාර දීමට වලාන දූෂණ මර්දන ප්‍රහාර ඒකකයේ නිළධාරීන් කටයුතු කළේය.
මෙවැනි ජාවාරම්කරුවන් පිළිබඳ ඉදිරියේත් රට හමුවේ අනාවරණය කිරීමට උකුස්සා නිරන්තරයෙන් කටයුතු කරනු ඇත.