ව්‍යාජ රියදුරු බලපත්‍ර ජාවාරමක් නීතියේ රැහැනට

ව්‍යාජ රියදුරු බලපත්‍ර ජාවාරමක් නීතියේ රැහැනට

May 15, 2017   04:02 pm

මරදාන ප්‍රදේශයේ කලක පටන් ක්‍රියාත්මක වන ව්‍යාජ රියදුරු බලපත්‍ර සකසන ජාවාරමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා මීට පෙර ද රට හමුවේ අනාවරණ කළේය.

එම ජාවාරමේ තවත් තැරැව්කරුවන් පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට අද දෙරණ උකුස්සාට හැකි විය.

අද උකුස්සාගේ අනාවරණය ඒ පිළිබඳවයි.

කොළඹ කොටුව ප්‍රදේශයේ කලක පටන් සිදුකරගෙන ගිය ව්‍යාජ  රියදුරු බලපත්‍ර සකස් කරන ජාවාරමක් පිළිබඳ අද දෙරණ උකුස්සා නාවික හමුදා බුද්ධි අංශය හා වලාන දූෂණ මර්දන ප්‍රහාර ඒකකය සමඟ එක්ව තොරතුරු සොයා මෙහෙයුමක් ආරම්භ කළේය.

ඒ අනුව මූලික තොරතුරු අනාවරණය කරගත් උකුස්සා මෙම ජාවාරමේ තැරැව්කරුවෙකු පළමුව දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගනු ලැබීය.

එහිදී ජාවාරම්කරු උකුස්සාට පැමිණිය යුතු ස්ථානය හා අවශ්‍ය ලියකියවිලි පිළිබඳ දැනුවත් කරයි.

ඉන් අනතුරුව ජාවාරම්කරු සමඟ සාකච්ඡා කළ පරිදි උකුස්සා ඔහු සඳහන් කළ ස්ථානයට පැමිණෙන්නේ උපායදූතයෙකුද සමඟයි.

එහිදී ජාවාරම්කරු උකුස්සා සමඟ මෙලෙස සංවාදයේ යෙදෙයි.

ජාවාරම්කරු - මෙයාගේ වයස කීයද?

උපායදූතයා - මෙයාට හදන්නේ.

ජාවාරම්කරු - ඔයාගෙ වයස කීයද ?

උපායදූතයා - 28යි. අවුලක් නැහැනේ?

ජාවරම්කරු - අවුරුදු 30න් 35න් ගත්තා වගේ දාලා දෙන්නම් යැයි පැවසීය.

පසුව ජාවරම්කරු සඳහන් කළ පරිදි ඡායාරූප සහ උප්පැන්න සහතික ඔහුට ලබා දුන්නේය.

පාරේ යන අයට පෙනෙනා බව පවසමින් එහිදී ජවාරම්කරු විසින් අසල පිහිටි දුරකථන කුටියක් අසලට උකුස්සා සහ දූතපිරිස රැගෙන ගියේය.

වැඩේ අවසන් වු විගස තමාට දුරකථන ඇමතිමක් ලබා දෙන පැවසීමෙන් අනතුරුව ජාවාරම්කරු විසින් රුපියල් 7500ක අත්තිකාරම් මුදලක් ලබා ගත්තේය.

කතා කර ගත් දිනය අනුව දින දෙකකට පසුව ජාවාරම්කරු පැවසූ ලෙස උකුස්සා ජාවාරම්කරුගෙන් ව්‍යාජ රියදුරු ගමන් බලපත්‍රය ලබා ගැනීමට පැමිණියේය.

මේ පිළිබඳ වැඩි දුර විස්තර බලාපොරොත්තු වන්න.