ගින්නකින් 1ක් තුවාල ලබයි

ගින්නකින් 1ක් තුවාල ලබයි

May 15, 2017   12:06 pm



 මෝදර, අළුත් මාවත ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් පුද්ගලයෙක් පිලිස්සුම් තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ වයස අවුරුදු 60ක් පමණ වන අදාළ පුද්ගලයා ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවය.
 
අද(15)උදැසන 06.00ට පමණ ගින්න හටගෙන තිබේ.

හෙට්ටියාවත්ත ගිනි නිවිමේ ඒකකය, පොලීසිය සහ විදුලිබල මණ්ඩල නිලධාරින් එක්ව ගින්න මැඩපවත්වා ඇති අතර මෝදර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.