සතුන් දඩයම් කළ 2ක් අත්අඩංගුවට

සතුන් දඩයම් කළ 2ක් අත්අඩංගුවට

April 29, 2017   02:47 pm

පොතුවිල්, උඩුම්බිකුලම් ප්‍රදේශයේදී ගිනි අවි සන්තකයේ තබා ගනිමින් සතුන් දඩයම් කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකායේ අරුම්බේ කඳවුරේ නිළධාරින් පිරිසක් විසින් සිදු කළ වැටලිමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.

එහිදී ඔවුන් සතුව තිබී ගිනි අවියක්, පතොරොම් කොපුවක් සහ සතුන් දඩයම් කිරිම සඳහා යොදා ගන්නා තවත් උපකරණ තොඟයක් පොලිස් විශේෂ කාර්යය බලකාය භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ලාහුගල වනජිවි කාර්යාලයට භාරදුන් බව පොලීස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.