ව්‍යාපාරිකයා ඝාතනයට තැත් කළ 2ක් කොටු

ව්‍යාපාරිකයා ඝාතනයට තැත් කළ 2ක් කොටු

April 29, 2017   10:41 am



 ගම්පහ, කිරිදිවෙල ප්‍රදේශයේදී ජිප් රථයකින් ගමන් ගත ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ විමර්ශනයකදී අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

 එහිදී ඔවුන් ඒ සඳහා භාවිතා කළ පිස්තෝලය සහ එම අණ්ඩ 08ක් පොලීසිය විසින් විසින් සොයාගෙන තිබේ.

සැකකරුවන් 37 හැවිරිදි සහ 36 හැවිරිදි මිනුවන්ගොඩ සහ නිට්ටඹුව යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.

අත්අඩංගුවට ගත්  එක් සැකකරුවෙකු වේයන්ගොඩ ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකරුවෙකු බවට අනාවරණය වී තිබේ.

එම සැකකරුට පොලොන්නරුව, මිනුවන්ගොඩ, අත්තනගල්ල, යන මහේස්ත්‍රාත් අධිකරණවලින් වරෙන්තු නිකුත් වී ඇති බවට ද සිදු කළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය පැවසුවේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් දෙදෙනෙකු ගිනි අවි සමග අත්අඩංගුවට ගත් අතර ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.