ජය සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමටයි

ජය සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමටයි

April 29, 2017   10:36 am



ඉන්දීය ප්‍රීමියර් ලීග් කුසලාන තරඟාවලියේ කින්ග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම සමඟ පැවති තරඟයෙන් සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම ලකුණු 26ක ජයක් හිමිකරගෙන තිබේ.

තරගයේ කාසියේ වාසිය දිනූ කින්ග්ස් ලෙවන් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ වාරය සන්රයිසස් කණ්ඩායමට ලබාදුනි.

ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 207ක් රැස් කළේය.

කේන් විලියම්සන් ලකුණු54යි.

ශිකර් දවාන් ලකුණු 77යි.

කින්ග්ස් ලෙවන් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ග්ලෙන් මැක්ස්වෙල් කඩුලු 02ක් දවාගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් කින්ග්ස් ලෙවන් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 181ක් පමණි.

ෂෝන් මාෂ් ලකුණු 84යි.

පන්දු යැවීමේදී සන්රයිසස් කණ්ඩායම වෙනුවෙන් අශිෂ් නෙහ්රා සහ සිද්ධාර්ත් කෝල් කඩුලු 03 බැගින් දවාගත්තේය.