රතු කුරුමිණියන් මර්දනය විශේෂ රසායනිකයක්
April 29, 2017 10:31 am
පොල් වගාවට හානි කරන රතු කුරුමිණියන් මර්දනය සඳහා අවශ්‍යකරන විශේෂ රසායනිකයක් නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇති බව පොල් වගාකිරීමේ මණ්ඩලය පවසයි.
එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී කේ.ඩී.ඒ ධර්මසිරි මහතා පැවසුවේ පොල් වගාකරුවන්හට, පෙරමෝන නම් අදාළ රසායනිකය ඉදිරියේදී පොල් සංවර්ධන නිලධාදාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන් හෝ ප්‍රාදේශීය කාර්යාල වලින් ලබාගත හැකි බවයි.
ඒ සඳහා රජය විසින් රුපියල් ලක්ෂ 40ක් පමණ වැය කොට විශේෂිත රසායනාගාරයක් ආරම්භ කර ඇති බව ද කේ.ඩී.ඒ ධර්මසිරි මහතා පැවසුවේය.