අපනයනයෙන් තොර සංවර්ධනයක් බලාපොරොත්තු විය නොහැකියි

අපනයනයෙන් තොර සංවර්ධනයක් බලාපොරොත්තු විය නොහැකියි

April 28, 2017   10:15 pm



අපනයනයෙන් තොර සංවර්ධනයක් මෙරට බලාපොරොත්තු විය නොහැකි බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පවසයි.

ජී.එස්.පී ප්ලස් බදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට එරෙහි යෝජනාව යුරෝපා පාර්ලිමේන්තුවේදී ඊයේ(27) පරාජයට පත්වූයේ වැඩි ඡන්ද 317 කිනි.

එම අවස්ථාවට එක්වීම සඳහා යුරෝපා පාර්ලිමේන්තුව වෙත ගිය නියෝජිත පිරිසට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ද ඇතුළත් වුණි.

 අද ඒ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙරට ආර්ථිකය ජාත්‍යන්තරය හා සම්බන්ධ කරලීමට රජය ප්‍රමුඛත්වයක් ලබාදෙන බවයි.