කුඩා කණ්ඩායම්වලට රට කඩාකප්පල් කරන්න දෙන්න බෑ

කුඩා කණ්ඩායම්වලට රට කඩාකප්පල් කරන්න දෙන්න බෑ

April 28, 2017   09:15 am



කුඩා කණ්ඩායම්වලට රටේ අත්‍යවශ්‍ය සේවාවන් කඩාකප්පල් කිරීමට අවස්ථාව ලබාදිය නොහැකි බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වෘත්තීය අයිතිය මෙන්ම සමාජ අයිතිය පිළිබඳවද රජය අවධානය යොමු කළ යුතු බවයි.

එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය කරූ පරණවිතාන මහතා ප්‍රකාශ කළේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා හමුදාව යෙදවීම පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි.

මේ අතර විරෝධතා, වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළට බාධා එල්ලවීම වැලැක්වීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වූ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

මේ අතර ලොවට ආදර්ශයක් සැපයීම සඳහා වෙසක් මාසය තුළ බෞද්ධ ප්‍රතිපත්තිවලට අනුව කටයුතු කරන ලෙස අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මෙරට ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ජාත්‍යන්තර වෙසක් දිනය සම්බන්ධයෙන් මහනුවරදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.