ට්‍රම්ප්ගෙන් තවත් යෝජනාවලියක්
සයුරෙන් එතෙර

ට්‍රම්ප්ගෙන් තවත් යෝජනාවලියක්

April 26, 2017   09:10 am

මෙක්සිකෝව සහ අමෙරිකාව අතර දේශසීමාවේ ඉදි කිරීමට නියමිත තාප්පය සඳහා අරමුදල් උපයාගැනීමට අදාළ යෝජනාවලිය මෙම සතියේදී ඉදිරිපත් කරන බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

එළඹෙන සතියේදී ඊට අදාළ අරමුදල් අනුමත කෙරෙනු ඇති බව ඇමරිකානු ජනාධිපතිවරයාගේ උපදේශකවරයෙකු පවසයි.

කෙසේ වෙතත් ඊට අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ඩිමොක්‍රටික් පාක්ෂිකයින් ප්‍රකාශ කර තිබේ.

මෙක්සිකෝව සහ ඇමරිකාව අතර දේශසීමා තාප්පයක් ඉදි කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජනාධිපතිවරණ පොරොන්දුවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණේ ය.

ඊට ප්‍රතිචාර දක්වමින් මෙක්සිකෝව ප්‍රකාශ කර තිබුනේ එවැනි තාප්පයක් සඳහා කිසිදු සහයක් ලබා නොදෙන බවයි.