බස්නාහිර පළාතේ බස් රථ ධාවනය විධිමත් වෙන ලකුණු

බස්නාහිර පළාතේ බස් රථ ධාවනය විධිමත් වෙන ලකුණු

April 26, 2017   08:40 am

බස්නාහිර පළාත තුළ බස් රථ ධාවනය විධිමත්ව ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීය පවසයි.

එහි  සභාපති තුසිත කුලරත්න මහතා පවසන්නේ මගී ජනතාවට සිදුවන අපහසුතා මඟහරවා ගැනීම සඳහා මෙම පියවර ගන්නා බවයි.

මේ අතර ඛනිජ තෙල් වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය හේතුවෙන් මගී ප්‍රවාහන බස් රථ ධාවනයයට දැඩි බලපෑම් එල්ල වූ බව සමස්ථ ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනය පවසයි.

එහි සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා පැවසුවේ මෙවැනි වැඩවර්ජන හමුවේ වුවද මගී ප්‍රවාහන බස් රථ සඳහා ඉන්ධන ලබාගැනීම සඳහා විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවයි.