මීතොටමුල්ල ජනතාවට ජනපතිගෙන් නිවාස

මීතොටමුල්ල ජනතාවට ජනපතිගෙන් නිවාස

April 26, 2017   08:25 am


මීතොටමුල්ල කසළ කන්ද නාය යෑමෙන් විපතට පත් ජනතාවට නිවාස ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්වී තිබේ.

විපතට පත් පවුල් 98ක් සඳහා නිවාස ලබාදීමට තීරණය වී තිබූ අතර ඉන් කොටසකට පසුගියදා නිවාස ලබාදීම ද මෙහිදී සිදු විය.

ඉතිරි පවුල් 65ක් සඳහා දෙවන අදියර යටතේ ඊයේ (25) දිනයේ නිවාස ලබාදුන් අතර එම අවස්ථාවට එක්වෙමින් කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කණ්නංගර මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් දැක් වුයේ ය.

කෙසේවෙතත් සිය නිවෙස්වල භාණ්ඩ හානි සඳහා ලබාදීමට නියමිත රුපියල් දෙලක්ෂ පනස්දහසේ මුදල තමන්ට නොලැබුණු බව, නව නිවාස ලබාගැනීම සඳහා පැමිණි ඇතැම් පිරිස් චෝදනා කර සිටියේය.