තෙල් ටැංකි දැනටමත් ඉන්දියාව සතුයි?

තෙල් ටැංකි දැනටමත් ඉන්දියාව සතුයි?

April 25, 2017   09:58 pm

ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි දැනටමත් ඉන්දියාවට ලබා දී ඇති බවත් ඒ සඳහා එළඹි ගිවිසුමෙන් රටට භයානක තත්ත්වයක් උද්ගත විය හැකි බවත් ජාතික සංවිධාන එකමුතුව  පවසයි.

අද (25) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි නියෝජිතයින් මේ බව ප‍්‍රකාශ කළේ ය.

මේ අතර සිංගප්පූරු සමාගමකට ත‍්‍රිකුණාමලය ආශ‍්‍රිතව ආයෝජන සැළසුමක් සකස් කර ඇමරිකානු, ඉන්දියානු, දකුණු කොරියානු හා ජපන්  සමාගම් සමග එක්ව මෙම ගිවිසුම ක‍්‍රියාත්මක කිරීම සදහා ශ‍්‍රී ලංකා ආණ්ඩුව කැබිනට් තීරණයකට එළඹී ඇති බව ද මෙම සංගමය චෝදනා කර සිටියේ ය.