මඩකලපුව මාර්ගයේ රිය අනතුරකින් 1 මරුට
April 25, 2017 04:55 pm
හබරණ - මඩකලපුව මාර්ගයේ මනම්පිටිය පාලම අසලදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
යතුරුපැදියක් සුනඛයෙකුගේ ගැටී මාර්ගයෙන් ඉවතට පැන පෙරලීගොස් අනතුරුව ටිපර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසු පැදිකරු පොළොන්නරුව රෝහලට ඇතුලත් කිරීමේදී පසු පැදිකරු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ මහසෙන්පුර වැලිකන්ද ප්රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙක් බව අනාවරණය වී ඇත.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොළොන්නරුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
පොළොන්නරුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.