මහවැලි ප්‍රතිභා කලා මංගල්‍යය 27 දා

මහවැලි ප්‍රතිභා කලා මංගල්‍යය 27 දා

April 25, 2017   01:45 pm

මහවැලි ප්‍රතිභා අන්තර් කලාපීය සංස්කෘතික මංගල්‍යය ලබන 27 වනදා පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එය නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මහවැලි ගම්මානවල පාසල් දරු දැරියන්ගේ කලා හා සංස්කෘතික හැකියාවන් දියුණු කිරීමේ අරමුණින් ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව මෙය සංවිධානය කර ඇති බව වාර්තා වෙයි.

මෙය “අනාගත මහවැලිය“ යන තේමාව ඔස්සේ පැවැත්වීමට නියමිත මහවැලි ප්‍රතිභා මංගල්‍යය, මහවැලිය සංස්කෘතික බලකාය හා මහවැලි කේන්ද්‍රය එක්ව සංවිධානය කරනු ලබන බව වාර්තා වෙයි.