වෙනිසියුලාවේ විරෝධතා හේතුවෙන් 23 දක්වා ඉහළට
සයුරෙන් එතෙර

වෙනිසියුලාවේ විරෝධතා හේතුවෙන් 23 දක්වා ඉහළට

April 25, 2017   01:28 pm

වෙනිසියුලාවේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ අතරතුර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 23 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

සති 3 ක කාලයක් පුරා පැවති මෙම විරෝධතා අතරතුර තවත් විරෝධතාකරුවන් පිරිසක් තුවාල ලබා ඇති බව ද  විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව ඊයේ (24) දිනයේදී විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුම් අතරතුර පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එරට ජනාධිපති නිකොලොස් මදුරෝ විසින් මැතිවරණය ප්‍රමාද කිරීම සහ එරට තුළ පැන නැඟී ඇති ආර්ථීක අර්බුදය හේතුවෙන් මෙම විරෝධතා ආරම්භ කර ඇති බව සඳහන් වෙයි.