බැඳුම්කරය ගැන සොයන කොමිසම් කාලය දිගු වෙයි

බැඳුම්කරය ගැන සොයන කොමිසම් කාලය දිගු වෙයි

April 25, 2017   01:00 pm

භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ කාලය දීර්ඝ කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කොමිසමේ කාලය මාස තුනකින් දීර්ඝ කර ඇති අතර ඊට අදාළ ලිපිය කොමිසම වෙත ලැබී ඇති බව එම කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසූරිය මහතා සඳහන් කළේය.

මෙම මස 27 වන දිනෙන් කොමිසමේ කාලය අවසන් කිරීමට නියමිතව තිබු අතර ඒ අනුව කොමිසමේ කාලය ලබන ජුලි මස 27 වන දිනෙන් අවසන් වීමට නියමිතයි.

මේ අතර කොමිසම විසින් මේ වන විට මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ පුද්ගලයින් 14 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන තිබේ.

අද (25) දිනයේදීත් බැඳුම්කර නිකුතුව පිළිබඳ සාක්ෂි සටහන් කරගැනීම සිදුකෙරෙන අතර මහ බැංකුවේ හිටපු අධ්‍යක්ෂවරියක වන කල්‍යානි ගුණතිලක මහත්මිය මේ වන විට කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ ය.