පුද්ගලයින් 4 කට තුවාල කළ අමාත්‍යාංශ රියදුරු පොලීස් බාරයට

පුද්ගලයින් 4 කට තුවාල කළ අමාත්‍යාංශ රියදුරු පොලීස් බාරයට

April 25, 2017   11:35 am

නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට අයත් කැබ් රථයක් යතුරු පැදියක ගැටීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

ආණමඩුව පොලීසිය විසින් අදාළ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

නවගත්තේගම ආණමඩුව මාර්ගයේ ඉහළ උස්වැව ප්‍රදේශයේදී නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට අයත් කැබ් රථයක්  යතුරු පැදියක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් එකම පවුලේ සිව්දෙනෙකු තුවාල ලබා තිබුණි.

9 හැවිරිදි දැරියක් සහ 5 හැවිරිදි පිරිමි දරුවෙකු ද තුවාල ලැබූවන් අතර වන බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

තුවාල ලැබූවන් ආණමඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කැබ් රථයේ රියදුරු ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ආණමඩුව පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.