ධීවර යාත්‍රා නිරීක්ෂණ පහසුකම් හෙට සිට

ධීවර යාත්‍රා නිරීක්ෂණ පහසුකම් හෙට සිට

April 25, 2017   11:24 am


සාගරයේ ධීවර කටයුතුවල යෙදෙන බහුදින ධීවර යාත්‍රා ගොඩබිම සිට නිරීක්ෂණය කිරීමේ පහසුකම් ලබාදීම හෙට (26) සිට ආරම්භ කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඒ සඳහා වන “ට්‍රාන්ස්පොන්ඩර්“ නැමැති උපකරණ මේ වන විට සියලු බහුදින ධීවර යාත්‍රා සඳහා ලබා දී ඇති බවයි.

එමඟින් ධීවර යාත්‍රාව මුහුදේ කිනම් තැනක ධීවර කටයුතුවල නිරත වන්නේ ද යන්න සොයා බැලිය හැකි අතර අදාළ යාත්‍රාවල ගමන් ගන්නා ධීවරයින් හට යම් ආපදාවක් සිදුවන්නේ නම් ඔවුන් ඉන් මුදාගැනීමට හැකියාව පවතින බව ද සඳහන් වෙයි.

ඒ අනුව අදාළ ප්‍රවේශ පහසුකම් එම ධීවර යාත්‍රාවල අයිතිකරුවන් හා කාර්මිකයින්ගේ පවුල් වෙත ලබාදීම සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ පිළිවෙල අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දික්ඕවිට ධීවර වරායේ දී සිදුකිරීමට නියමිතයි.