දුම්රියේ ගැටී කත මරුදකියි
April 25, 2017 10:00 am
නාත්තන්ඩිය දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියක ගැටී කාන්තාවක මියගොස් තිබේ.
පුත්තලම සිට කොළඹ කොටුව දෙසට ධාවනය වු දුම්රියක ගැටීමෙන් අදාළ කාන්තාව මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ 40 හැවිරිදි කාන්තාවක වන අතර ඇයගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලීසිය සඳහන් කරයි.
මෘත ශරීරය මාරවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර මාරවිල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.