රයිසින් පූනෛ සුපර් ජයන්ට් කණ්ඩායමට ලකුණු 3 ක ජයක්

රයිසින් පූනෛ සුපර් ජයන්ට් කණ්ඩායමට ලකුණු 3 ක ජයක්

April 25, 2017   09:52 am

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ පැවති තරඟය ලකුණු 03 කින් ජය ගැනීමට රයිසින් පූනෛ සුපර් ජයන්ට් කණ්ඩායම ඊයේ (24) සමත් විය.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පුනෛ කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 160ක් ලබා ගත්තේය.

එම ඉනිම වෙනුවෙන් රාහුල් ත්‍රිපාති ලකුණු 45ක් ද අජින් කෙයාර් රහනේ ලකුණු 38ක් ද ලබාගැනීමට සමත් වුයේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මුම්බායි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 157ක් විය.

රෝහිත ශර්මා ලකුණු 58ක් ලබාගත්තේ ය.