ස්වයං ප්‍රකාශනයක් තුළින් ලිංගික අපරාධ හෙළි වෙයි

ස්වයං ප්‍රකාශනයක් තුළින් ලිංගික අපරාධ හෙළි වෙයි

April 25, 2017   09:44 am

“කළු මැජික් හා ආදර ගැටළු නිරාකරණයට“ තමාට ඇති හැකියාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත්ව ඇතැයි ඔහු විසින්ම කියා ගන්නා බාස්කර් මුන්නියාපා (Bhaskar Muniyappa) නම් පුද්ගලයා ලිංගික අපරාධ සිදු කිරීම හේතුවෙන් කැනඩාවේ දී බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් එම හැකියාව තුළින් ජනතාවගේ ගැටළුවලට පිළියම් ලබා දීමට යෑමේ දී ඔහු වෙතට පැමිණෙන පාරිභෝගිකයන්ට ලිංගික හිංසනයන් සිදු කර ඇති බව රජයේ නීතිඥයෙක් වන පාවුල් සැම්බොනිනි (Paul Zambonini) මහතා පවසයි.

වයස අවුරුදු 32 ක් වු බාස්කර් මුන්නියාපා විවාහකයෙක් බවත් ඔහුගේ බිරිඳ මෙරට ජීවත් වන බවත් අනාවරණය වි ඇති අතර 2014 ජුලි මස 28 දින ඔහු කැනඩාව බලා පිටත්ව ගොස් තිබේ. 

එහිදී 2014 සැප්තැම්බර් මාසයේ දී ඔහු විසින් කාන්තාවන් දෙදෙනෙකු හමුවේ තමා විසින් සිදු කලා යැයි පැවසෙන ලිංගික හිංසනයක් සම්බන්ධයෙන් එරට පොලීසිය හමුවේ වරද පිළිගෙන තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් එරට අධිකරණය 2017 පෙබරවාරී මස 1 දක්වා බාස්කර් මුන්නියාපා ඇප මත මුදා හැර තිබු නමුත් ඔහුගේ පදිංචියේ සිදු කරන ලද වෙනස් වීමක් පොලීසියට දැනුම් නොදීම හේතුවෙන් මේ වන විට ඇප අවලංගු කර බන්ධනාගාර ගත කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

තමාට අනාගතය පිළිබඳ අනාවැකි පළ කළ හැකි පවසන මුන්නියාපා කියා සිටින්නේ තමා කැනඩාවෙන් පිටුහවල් කරනු ලබන බවත් එනිසා අනාගතයේ දී ලංකාවට පැමිණිමට හැකි වන බවත් ඔහුට පෙනී යන බවයි.