සයුරෙන් එතෙර
ඉන්දිය කැරලිකුවන්ගේ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 26 ක් මරුට
April 25, 2017 08:40 am
ඉන්දියාවේ චතිස්ගාර් ප්‍රාන්තයේ සුක්මා ප්‍රදේශයේ දී කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම ප්‍රහාරයෙන් තවත් නිලධාරීන් හය දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඔවුන් ගුවන් මගීන් රායිපූර් රෝහල වෙත ගෙන ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.
සුක්මා ප්‍රදේශයේ පිහිටි මධ්‍යම පොලිස් කඳවුරකට ඊයේ (24) දිනයේ එල්ල වු මෙම ප්‍රහාරයෙන් තවත් පොලිස් නිලධාරීන් හය දෙනෙකු අතුරුදන්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
අදාළ ප්‍රහාරය සඳහා කැරලිකරුවන් 300 දෙනෙකු පමණ පැමිණ ඇති අතර ඔවුන්ගෙන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
කැරලිකරුවන් විසින් මියගිය පොලිස් නිලධාරීන්ගේ අවි ආයුධ ද කොල්ලකා පළාගොස් තිබේ.
මේ අතර ප්‍රහාරය සම්බන්ධයෙන ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා විසින් හදිසි කැබිනට් රැස්වීමක් ද පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.