බෙන්තොට රිය අනතුරක් - 17 ට තුවාලයි

බෙන්තොට රිය අනතුරක් - 17 ට තුවාලයි

April 25, 2017   08:00 am


බෙන්තොට ප්‍රදේශයේ සිදුවු අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා තිබේ.

අලුත්ගම දෙස සිට ගාල්ල දෙසට ධාවනය වු භාණ්ඩ ප්‍රවාහන ලොරි රථයක් මාතර සිට කොළඹ බලා ධාවනය වු පෞද්ගලික බස් රථයක ගැටීමෙන් අද අලුයම මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

අනතුරෙන් බස් රථයේ සහ ලොරි රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබු පුද්ගලයින් නාගොඩ, බලපිටිය සහ බෙන්තොට යන  රෝහල්වල ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.

බෙන්තොට පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.